Galthanna Hindu Temple Robbed 12.5 KG Gold and Cash

31



ගාල්තැන්න දේවාලයේ රත්තරන් කිලෝ 12.5 ක් හා ලක්ශ 20කට අධික මුදල්, මැණික් සොරාගැනේ.

මහනුවර තලාතුඔය පොලිස් බල ප්‍රදේශයේ ශ්‍රි මහා බද්‍ර කාලි අම්මාන් කොවිල් හිමිකරු දෙවගැති ගාමිණි ආනන්ද දෙවගැතිතුමාගේ දේවාල බුමියේ පිහිටා ඇති නිවසේ රහස්‍ය කාමරයක් තුල තිබු දෙවගැතිතුමා පලදින දෙවාභරණ හා මුදල් ලක්ශ 20කට ආසන්න වටිනා මැණික් ප්‍රමාණයක් සොරාගෙන තිබේ. රත්තරන් කිලො 12.5 ක්ද සමග (කෝටි eight කට වඩා අධික )

අද අලුයම 3.45 ට පමණ දේවාල බුමියේ පිහිටි දෙවගැතිතුමා පදින්චි නිවසට ඉතා සංවිධානාත්මකව පැමිණි 06 දෙනෙකුගෙන් සමන්විත සම්පුර්ණ ශරිරය ආවරණය කරගෙන සිටි සොර කණ්ඩායම කඹයක අධාරයෙන් නිවස තුලට අතුලු වි එහි සෙවය කරන රුවන් නැමති සේවකයා නිවස තුල තිබෙන පිහියක් ගෙන මරණ බවට තර්ජනය කර ඔහුට පහර දි අත පය ගැට ගසා, නිවසේ තිබු විශේෂ කාමරයක ඉතා සුරක්ශිත ලෙස දෙවගැතිතුමා දේවාලයේ වැඩ කටයුතු වලට පලදින මෙම දෙවාභරණ රත්තරන් 12.5 කිලෝග්‍රැම් ක් හා මුදල් ලක්ශ 20ක් හා මැණික් ප්‍රමාණයක් සොරකම් කර පලගොස් තිබේ.

සිද්ධිය පිලිබද මහනුවර ජේශ්ඨ නියොජ්‍ය පොලිස්පතිතුමාගෙ උපදෙස් පරිදි තලාතුඔය හා මහනුවර නියොජ්‍ය පොලිභාර කාර්යාලයේ විශේෂ විමර්ශන ඒකකය කඩිනමින් පරික්ශන පවත්වන බව පවසා සිටියා.

www.islandnews.lk
www.fb.com/islandnews.lk
www.youtube.com/c/islandnewslk

https://www.youtube.com/channel/UCBqRzgKt-SI9i4J2kK9E1Cw?view_as=subscriber

#islandnews #galthannatemple #theft

source